Posts

Showing posts from April, 2018

මගේ පලවෙනි කතාව 🙂 ආදරේ අවසානය 🙂

මටත් කතාවක් ලියන්න හිතුන 🙂 මට ඉතින් ඔයාලට තරම් හොදට ලියන්න නම් බෑ තාම 😞 හරි මන් මේ කතාවට නම දාන්නම් "⁣ආදරේ අවසානය" කියල 😀 ඔන්න එහෙනම් පටං ගත්ත 🙂 නම් ගම් මනක්කල්පිතයි කතාව ඇත්ත සිදුවීමක්. අයේෂ් කියන්නෙ එයාලගෙ පවුලෙ හුරතලේටම හැදිච්ච ලමය. අම්ම තාත්ත හොද වැදගත් රැකියා කරන අය. පොඩි කාලෙ ඉදල එයා ඉල්ලපු දෙයක් ගෙනත් දෙන්න එයාගෙ අම්ම තාත්ත දෙපාරක් හිතුවෙ නෑ. ඉතින් මේ අයේෂ් හොදට ඉගන ගත්ත. 10 වසරෙදි පංතියේ පලවෙනි 5 දෙනා අතරෙ හිටිය. අයේෂ් ගෙ හොදම යාලුවා උනේ නිශාන්ත. එයා ටිකක් වෙනස් අයේෂ් වගේ ඉගන ගන්න උත්සහ ක⁣රේ නෑ. හැම වෙලාවෙම ඉගන ගන්න එක පැත්තක දාල පිස්සු නටපු එක තමා කරේ. ඉතින් කාලය ගෙවිල ගියා O/L කිට්ටු උනා. අයේෂ් හොදටම වැඩ ඒ කාලෙ. නිශාන්ත පිස්සු වැඩ කර කර ඉන්නව. ඒ කාලෙ අයේෂ් ට හිත ගිහින් තිබුන එයා ගියපු tution ක්ලාස් එකේ නංගි කෙනෙක් ගැන. එයා ඒක මුලින්ම කිව්වෙ නිශාන්තට. නිශාන්ත දන්නව මේ සින් එක දුර ගියොත් අයේෂ්ට ලස්සනට ගොඩ දාගන්න තියන O/L Exam එක අවුල් කරගන්නව කියල. ඒක නිසා යාලුවට තේරැම් කරල දුන්න මචන් අපි O/L ඉවර වෙලා වැඩේට බහිමු කියල. ඉතින් අයේෂ් වෙනදටත් වඩා හොදට වැඩ කරගෙන